Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිපය නැතිව ආණ්ඩු හදන්න බෑ. අපේක්ෂකයා නෙවෙයි ප්‍රතිපත්තියි වැදගත් - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව ඉදිරියේදී කිසිම පක්ෂයකට ආණ්ඩු පිහිටුවීමට නොහැකි බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

එහෙයින් තමන්ට වැදගත් වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න නොව රට හමුවේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මොනවාද යන්න බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

එසේම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමට බියෙන් ලොකු ගොඩ ඇති තැනට ගොස් සිටින ඇතැමුන්ට දැන් කරකියා ගන්නට දෙයක් නැතිව සිටින බවත් ඔවුන්ට අද ශ්‍රීලනිප සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන දෙකම නොමැතිව අතරමැද රැඳෙන්නට සිදුව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)