Monday, October 21, 2024
Follow Us
පාර්ලිමේන්තු මැතිවරණයට ශ‍්‍රීලනිපය තනිව තරග කිරීමේ තීරණයක්.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබෙනවා.

ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂය තනිව තරග කළ යුතු බවට යෝජනා කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්නයි. එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති ඉසුර දේවපි‍්‍රය විසින් ස්ථිර කර තිබෙනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටද ඉකුත් දා පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකගතාවකට පැමිණියා.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්නට ඉකුත්දා පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැුස්වීමේදී මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සහ මහින්ද අමරවීර, එස් දිසානායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එම ආණ්ඩුකාරවරුන් ධූරවලින් ඉවත් කළ යුතු බවටයි පවසා ඇත්තේ.

කීර්ති තෙන්නකෝන් සහ මෛතී‍්‍ර ගුණරත්න යන ආණ්ඩුකාරවරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන බවට එම මන්තී‍්‍රවරුන් මෙහිදී පවසා තිබෙනවා. එම ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයාට පක්ෂපාතීව කටයුතු නොකරන බවටයි එම මන්තී‍්‍රවරුන් පිිරිස චෝදනා කරන්නේ.

(Neth)