Sunday, October 20, 2024
Follow Us
අමෙරිකා හමුදා භට පිරිස් රට තුලට ඒම වැළැක්වීමට සියලු දෙනා එක්විය යුතුයි

මව්බිම, ඉතිහාසයේ මුහුණ දෙන ඉතාමත් අනතුරුදායක තත්ත්වයට අද මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ස්ටොප් යූ එස් ඒ - මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා සංවිධානයේ පළමු මාධ්‍ය හමුවට අද එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

" ඇමෙරිකා එක්සත් ජනපදය මේ ගෙවිච්ච අවුරුදු හතර හමාරක කාලය තුලදී ඔවුන්ගේ මිලටරි ශක්තිය ශ්‍රී ලංකාව තුල දීර්ඝ කාලිනව වශයෙන් ක්‍රියාත්මක වන මෙහෙයුමක් ගැනයි මේ විස්තරය අද අප ඔබට දැනුවත් කරන්න යන්නේ. මේ අමෙරිකාවේ 7 වන ඉන්දු පැසිෆික් බල ඇණියේ මහ පරිමාණ යුධ නැව් 70ක් තිබෙනවා. එයට ගුවන් යානා 300ක් සමග නාවික මැරින් භටයින් 40000ක් සමග ලක්ෂයකට ආසන්න පිරිසක් සිටිනවා. එහි අණු ඛන්ඩයන් විවිධ ස්ථාන වල ස්ථානගත කර තිබෙනවා. එහි සැපයුම් අංශය තමයි මෙරට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථානගත කර ගන්න දැන් මේ සුදානම් වන්නේ. ඒ අණු ඛණ්ඩයේ හමුදා සෙබළුන් 6300ක පමණ පිරිසක් සිටිනවා. මෙම විවිධ ගිවිසුම් මගින් ඒ සඳහා අවශ්‍ය කරුණු සාක්ෂාත් කර ගැනීමටයි ඔවුන් මේ කටයුතු කරමින් යන්නේ" මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

07 වන ඉන්දු පැසිෆික් නාවික බලඇණියේ අනුඛණ්ඩයක් ශ්‍රී ලංකාව තුළ ස්ථානගත කිරීමේ සැලසුම පරාජය කිරීම සඳහා භේද පසෙකලා සියලු පාර්ශව එක්විය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙහිදී කියා සිටියා.

(Neth)