Sunday, October 20, 2024
Follow Us
රටේ ආරක්ෂාව ගැන දන්නේ ෆොන්සේකා විතරයි - මහින්ද

රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩු පක්ෂයේ සිටින එකම මන්ත්‍රීවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතික ආරක්ෂාවට මුල්තැන ලබාදෙන විනයක් රට තුළ පැවතිය යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

ආරක්ෂාව තර්ජනයට ලක්වූ විට රටේ අනෙකුත් සියලුම ක්ෂේත්‍ර කඩාවැටෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම යුද්ධය පැවති යුගයේ පවා තමන් කිසිවිටෙකත් ජනතාවට බර පැටවූයේ නොමැති බව පැවසූ ඒ මහතා එක අතකින් එය වැරදියැයි කියා සිතෙන බවත් ජනතාවට දැනෙන්නට දෙන්න වුවමනා බවත් ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා මහනුවර පැවති හමුවක් අමතමිනි.

(LNW)