Sunday, October 20, 2024
Follow Us
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ ප්‍රකාශය ගැන මහින්දගේ මතය මෙන්න

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කාලසීමාවක් තුළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කාලයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

හගුරන්කෙත ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ප‍්‍රමාද වී හෝ ජනාධිපතිවරයාට තේරුම් යාම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සහ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝ්ධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (23) ප‍්‍රකාශ කළේය.

(Lanka Leads)