Sunday, October 20, 2024
Follow Us
යළි ඇමති ධූරය බාර ගැනීම ගැන බදියුදීන් කතා කරයි

තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් වන තුරු කිසිඳු විටෙක යලි අමාත්‍යධූරයක් භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග සංවාදයට එක්වෙමින්. ඒකාබද්ධ විපක්ෂය ද ඉකුත් දා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද යළි අමාත්‍යධූරයක දිවුරුම් දීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළා.

එහිදී "අමාත්‍ය ධූරය අපිට එච්චර හදිසි නෑ.. පරීක්ෂණයක් යනවා. ඒකෙ පරීක්ෂණ වාර්තාව ලැබෙන්න ඕනේ. ඕන වෙලාවක අපි සූදානම් වෙලා ඉන්නේ පරීක්ෂණවලට සහය දෙන්න. කොයි වෙලාවෙ හරි එන්න කිව්වොත් අපි යනවා. ත්‍රස්තවාදයට අපේ කිසිම සම්බන්ධයක් නෑ. ත්‍රස්තවාදය තුරන් කරන්න ඕන කියන මතයෙ ඉන්න අය අපි." යනුවෙන් සඳහන් කළා.

රිෂාඞ් බදියුදීන්ට අමතරව අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව ඉකුත් දා පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට කල් ලබා දුන් අතර එහිදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ට එරෙහිවයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට ද පරීක්ෂණ කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. තමන්ට එරෙහි ඕනෑම් පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කෙසේවෙතත්, රිෂාඞ් බදියුදීන් සමග මීට පෙර ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වූ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් ඉකුත් සතියේ යළි තමන් දැරූ අමාත්‍යාශවලම දිව්රුම් දුන්නා. රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසු එහි වැඩබලන ඇමතිවරයා ලෙස බුද්ධික පතිරණ පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තා.

(Neth)