ශ්‍රී ලංකාවේ මේ වන විට වර්ධනය වෙමින් පවතින මහජන නොසන්සුන්තාවය සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
චීන – ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) CZK ජාත්‍යන්තර ආයෝජන සමූහය, හුනාන් ඉදිකිරීම් ඉංජිනේරු සමූහය සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීය. බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මෙම අත්සන් තැබීමේ උත්සවය සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්, CSLATE හි සභාපති චිරංජය උඩුමුල්ලගේ මහතා සහ එම ආයතනයේ නිලධාරීන්, CZK ජාත්‍යන්තර ආයෝජන සමූහයේ උප සභාපති ලියූ යෆෙයි මහතා සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලින් ෂූඩොන්ග් මහතා යනාදීහු සහභාගි වූහ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ හමුදා නායකයන් අතර ඉතා බරපතල මතභේද හටගෙන ඇති බව ඇමරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. බුද්ධි අංශ මගින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ.
The armed forces of Sri Lanka would always comply with the Constitution and the Army is no exception, Chief of Defence Staff and Army Commander General Shavendra Silva told foreign Defence Advisers and Attaches informing the current situation in the country.
වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි
** The captain was holding the vessel in international waters till the payment was released
** The President had given a guarantee that funds would be released for the shipment, but the captain has refused to accept this guarantee
**The government is liable for demurrage fees for the delay in clearing the shipment but right now no immediate funds are available for the shipment to be unloaded.
**This will lead to the diesel shortage presently existing in the market, to be extended by a few more days
හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවා ජනතාව මර්දනය කිරීම සම්බන්ධයෙන් මෙරට රජයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව තුළ යෙදවීම පිළිබඳව පළවන මාධ්‍ය පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.
පොරොන්දු ලබාදුන් පමණින් රුසියාවේ ප්‍රකාශ විශ්වස කළ නොහැකි බව යුක්රේනය පවසනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි මේ බව පැවසුවේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා තුර්කියේදී නව මුහුණුවරකින් පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළයි.
පකිස්තානයේ දේශපාලන කරළියෙන් අද තීරණාත්මක සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒ, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද දහවල් නියෝජ්‍ය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමෙන් මෙරටට වාසි රැසක් අත්වන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එමගින් ශ්‍රී ලංකාව විදෙස් රටවල් සඳහා ගෙවීමට ඇති ණය මුදල්, අදාළ කාලසීමාවන්වලදී නොගෙවා සිටීමට ද හැකියාව පවතින බවයි.
Sri Lanka has sought another US $ 250 million financial facility from Bangladesh, informed sources said .
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ඒවායෙහි ආචාර ධර්ම පද්ධති උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන අවස්ථාවලදී රට තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට හැකි බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමතීමට සූදානම් වනවා. ඒ අනුව අද රාත්‍රියේ ඔහු ජාතිය අමතනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී ජාතිය ඇමතීමට සූදානම්ව සිටියත් බුද්ධි අංශ ඉදිරිපත් කළ තොරතුරු හේතුවෙන් එය කල් දැමුණූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
රුසියාව සහ යුක්රේනය අතර ආරම්භ වී ඇති සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාම සඳහා රුසියාව විසින් යුක්රේනයේ සිදු කරන යුද මෙහෙයුම් සීමා කිරීමට තීරණය කළ බව රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේය. ඒ අනුව යුක්රේන අගනුවර වන කිව් අගනුවර ඇතුළු නගර කිහිපයක යුද මෙහෙයුම් සීමා කිරීමටයි රුසියාව තීරණය කර තිබෙන්නේ.
එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. මෙම සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් මැතිනිය විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූවාය. උප ලේකම්වරිය උණුසුම් අයුරින් පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව එක්සත් ජනපදය වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන අතර දිගුකාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා බයිඩ්න් මැතිතුමාගේ පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
Page 129 of 351