Friday, October 25, 2024
Follow Us
වසංගතය පසුබසින තෙක් අගුලු ඇරීම පරිස්සමෙන්

අගුලු දැමීම් ලිහිල් කරන රටවල් අතිශය ප්‍රවේශම් සහගත ලෙස සහ පියවරෙන් පියවර එම හුවමාරු වීමේ ක්‍රියාවලිය කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එසේ නොවුවහොත් නැවත වඩාත් දැඩි කොන්දේසි යටතේ අගුලු දමා ගැනීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව එම සංවිධානය අවධාරණය කර සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් – 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සැලසුම් කර ඇති පියවරයන්, සෞඛ්‍ය පද්ධතිවල ශක්තිමත් භාවය සහ සූදානම පිළිබඳව පූර්ණ තක්සේරුවක් ලබාගැනීමෙන් පසු පමණක් අගුලු දැමීම් පියවරින් පියවරට ලිහිල් කළ යුතු බවයි.

ජිනීවාහිදී අවසන් වරට පැවැත්වූ ජනමාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කරන ලද්දේ කෙතරම් වෙනත් අසීරුතා පැවැතියද වසංගතය පසුබසින තෙක් ඉවසා සිටීම වඩා වැදගත් බවයි.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරිය සඳහන් කරන ලද්දේ කොවිඩ් – 19 වෛසරයේ සම්භවය පිළිබඳව ‘ශාස්ත්‍රීය’ පර්යේෂණයක් සිදුකිරීම සඳහා විශේෂ කණ්ඩායමක් චීනය වෙත යැවීමට සූදානම් කෙරෙමින් පවතින බවයි.

(Aruna)