Friday, October 25, 2024
Follow Us
කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට එරටින් පිටවීමට ලබාදී තිබූ කාලය මැයි 30 දක්වා දීර්ඝ කරගැනීමට ඉල්ලා සිටී

කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය තුල එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන මෙන් විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැුකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ‍්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතාගෙන් ඉල්ලා සිටී.

පොදු සමාකාලය තුල එරටින් පිටවිම සඳහා තිබු කාලය ඊයේ (25) අවසන් විය. අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කුවේට් තානාපතිවරයා සමග සිය අමාත්‍යාංශයේ පෙරේදා (22) පැවති සාකච්ඡාවකදීය. මේ සදහා ඉතාම ඉක්මණින් සාධනීය පිළිතුරක් ලබාදෙන බව තානාපතිවරයා එහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප‍්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා කල මෙම යෝජනාවට අනුව එරටින් පිටවීමේ කාලය තවදුරටත් දිර්ඝකරන්නේ ද යන්න පිළිබදව කුවේට් රාජ්‍යයෙන් මෙතෙක් දන්වා නොමැත. මේ අතර කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම

ශ‍්‍රමිකයන් සම්බන්ධව තොරතුරු සම්බන්ධිකරණය කුවේටයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය හරහා සිදුකරමින් සිටී. මෙම සාකච්ඡාව සදහා විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් එක්වී සිටියහ.

(News.lk)