Friday, October 25, 2024
Follow Us
ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය

ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200ට අඩුවෙන් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන ණය මුදලක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වන සාර්ක් කලාපීය එකඟතාව මත මෙම ණය මුදල ලබාගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම රුපියල් 200ට වඩා අඩු මට්ටමෙන් විනිමය අනුපාතය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඉතාම විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(LNW)