Thursday, October 24, 2024
Follow Us
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට අනතුරු ඇගවීමක්

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා ලෝක සෞඛ්‍ය සංවිධානය, ශී‍්‍ර ලංකාව මෙන්ම අග්නිදිග ආසියාවේ රටවල්වලටද දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සදහා වහාම පියවර ගතයුතු බවට දැනුම් දෙමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්‍ෂ වෛද්‍ය පුනාම් සිං පවසන්නේ මෙම රටවල වෛරසයේ ව්‍යාප්තිය වේගයෙන් සිදුවෙමින් ඇති බවයි. තවදුරටත් වෛරසය ආසාදනයවීම වැළැක්වීම සදහා සියළු උත්සාහයන් දැන්ම ගත යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා තවත් බොහෝ දේ සිදුකළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ රටවල් 11 න් රටවල් 8 කින්ම කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. තායිලන්තයෙන්, ඉන්දුනීසියාවෙන් සහ ඉන්දියාවෙන් රෝගීන් සියයකට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි සංඛ්‍යාලේඛණවල සදහන්.

ශී‍්‍ර ලංකාවෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 43 දෙනෙකු තහවුරු කර ගෙන තිබෙනවා. දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර ඇති සංඛ්‍යාව 2,258ක්.

(Neth)