Thursday, October 24, 2024
Follow Us
අගමැති මෝදිගේ ඉල්ලීමට, ශ්‍රී ලංකා ජනපතිගෙන් ප්‍රතිචාර

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ශ්‍රී ලංකා ජනපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇත.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් ඔස්සේ අදහස් දක්වා තිබිණි.

ඊට පිලිතුරු ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි. තමන් සතුව ඇති දැනුම සහ යහභාවිත බෙදා ගැනීමටත් සාර්ක් සංවිධානයේ සාමාජික අනිකුත් රටවලින් ඉගෙන ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් එමගින් අවස්ථාවක් සැලසෙන බව එම පණිවුඩයේ සඳහන් වේ.

එමෙන්ම මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(Lanka Leads)