Thursday, October 24, 2024
Follow Us
චීන රජයෙන් පරිත්‍යාගයක්

කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ කට්ටල 1000ක් සහ මුහුණු ආවරන 50000ක් චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරේ.

මේ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බවත් ශ්‍රී ලංකාව තුල මෙය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා ඊයේ(12) ප්‍රකාශ කර සිටියේය.

(Aruna)