Thursday, October 24, 2024
Follow Us
සතියක් තුළ රුපියල් කෝටි 1,142ක විදෙස් ආයෝජන ඉවත් කරගනී !

2020 පෙබරවාරි 19 - 26 අතර සතියක කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් රජයේ සුරැකුම්පත් සඳහා යොදවා තිබුණු රුපියල් බිලියන 11.42ක ආයෝජන ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 පෙබරවාරි 19 වනදා වනවිට රජයේ සුරැකුම්පත්වල විදේශීය ආයෝජන හිමිකාරීත්වය රුපියල් මිලියන 102,664ක්ව පැවතී ඇත.

එම අගය 2020 පෙබරවාරි 26 වනදා වනවිට රුපියල් මිලියන 91,240ක් දක්වා අඩුවී තිබේ.

ඒ අනුව සතියක කාලයක් තුළ විදෙස් ආයෝජකයින් විසින් රුපියල් මිලියන 11,424ක මුදලක් ඉවත් කරගෙන ඇති බව පෙනේ.

(LNW)