Thursday, October 24, 2024
Follow Us
සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් උනාට යෝජනා තවමත් වලංගුයි, වගවීම තවමත් වලංගුයි - ප්‍රංශය

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගෙන ඇති යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළද, සංහිඳියාව, මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගවීමෙන් හා නීත්‍යනුකූල බැඳීම්වලින් ඉවත් විය නොහැකි බව ප්‍රංශ රජය අවධාරණය කරනවා.

මෙරට පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේදී මේ සම්බන්ධෆයන් අදහස් දක්වමින්, ආසියානු හා ඔෂේනියා විදේශ කටයුතු පිළිබඳව අධ්‍යක්ෂක තියරි මැතිව්ස් මහතා ඊයේ (27) මෙම අදහස් පළකර තිබේ. එක්දින විශේෂ සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට තීරණය කළද එම යෝජනා තවමත් බලාත්මක බැවින් ශ්‍රී ලංකා රජය ඊට නීත්‍යනුකූල ලෙස බැඳී සිටින බවයි මැතිව්ස් මහතා පෙන්වා දෙන්නේ. තම රජය ශ්‍රී ලංකාව පිළිබඳ නිගමනවලට එළඹෙන්නේ සත්‍ය කරුණු මත බවත් එහිදී සාමය සහ සංහිඳියාව ප්‍රමුඛ කාරණා ලෙස සලකන බවත් ඔහු පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය අලුතින් පත් වූ ශ්‍රී ලංකා රජයේ දේශපාලන තීරණයක් ලෙස පෙනීයන බවයි. ඒ නිසා ඒ පිළිබඳව දීර්ඝ ලෙස අදහස් නොදක්වන බවත්, කෙසේ වෙතත් අදාල යෝජනා තවමත් වලංගු බව නිශ්චිතව ප්‍රකාශ කළහැකි බවත් තියරි මැතිව්ස් අවධාණය කරනවා.

(LNW)