Wednesday, October 23, 2024
Follow Us
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටු සාමාජිකයින් උතුරට…

උතුරෙ පූර්ව මැතිවරණ කටයුතු හා රැස්වීම් පැවැත්වීම ඉතා සාමකාමීව සිදුවන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව වෙණුවෙන් වවුනියාවට පැමිණ සිටින එම සංගමයේ නියෝජිතයින් පැවසූහ.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටු සාමාජිකයින් වන ජොර්ජ් හාවුල් මහත්මිය හා කැඩී වීක් මහතා ඇතුලුපිරිසක් වවුනියාව දිස්ත්‍රීක්කයට හා මන්නාරම් දිස්ත්‍රීක්ක වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී වවුනියාව දිස්ත්‍රීක්කයේ ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු හා රැස්වීම් තිබෙන ස්ථාන පිළිබඳව නිරීක්ෂණයක නිරත වූ යුරෝපා සංගම් නියෝජිතයින් අනතුරුව මන්නාරම් දිස්ත්‍රීක් දෙමළ ජාතික සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතාද හමු වී මන්නාරම් දිස්ත්‍රීක්කයේ මැතිවරණ වාතාවරනය හා ප්‍රචාරණ කටයුතුත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය පිබඳව සාකච්ඡා කොට ඇත.

දැනට උතුරේ සිදුකල නිරීක්ෂණ කටුයුතු වලදී එම දිස්ත්‍රික්කයන් තුළ පූර්ව මැතිවරණ කටයුතු ඉතා හොදින් සිදුවන බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාම අවම මට්ටමක පවතින බවත් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටු සාමාජිකයින් වැඩිදුරටත් පවසා ඇත.

(Lanka Leads)