සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි.
ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක වන අතර කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ද ඔහු ඊට පෙර කටයුතු කළේය.
පසුගිය ඉරිදා (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැන ගොස් ඇත.
ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටින බව ද වාර්තා වෙයි.