Wednesday, October 23, 2024
Follow Us
ගෝඨාගේ ප්‍රතිපත්ති ගැන ඉන්දියාව කියන දේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියාවේ පැසසුමට ලක්ව තිබේ.

ඉන්දියාව සහ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇති බව ඉන්දියාව පෙන්වා දෙයි.

ලෝක ආර්ථික කේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වෙමින් තිබෙන නිසා ආසියාතික රටවල් සමග වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ එහි විශේෂයෙන් දක්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු සාර්ක් සහ බිම්ස්ටෙක් ඉන්දියානු සාගර වෙරළ කලාප රටවල් සහ සංවිධාන සමග මනා අවබෝධයකින් කටයුතු කිරීම සිය අරමුණ බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂයෙන් දක්වා ඇති බව ඔවුන් අවධාරණය කර ඇත.

සිය විදේශ ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් ස්ථාපිත කිරීමේ යෝජනාවද ඉන්දීය මාධ්‍යවල පැසසුමට ලක්ව තිබීම විශේෂත්වයකි.

(Lanka Leads)