Wednesday, October 23, 2024
Follow Us
ISIS නායක අබු බකර් අල්-බග්දාදි මිය ගිය බව ට්‍රම්ප් නිල වශයෙන් පවසයි

අයිසිස් නායක අබු බකර් අල්-බග්දාදි මරණයට පත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කළේය.

එහිදී අල් කයිඩා නායකයා අල්ලා ගැනීම ‘ජාතික ආරක්ෂාව පිළිබඳ සිය පරිපාලනයේ ඉහළම ප්‍රමුඛතාවය වූ බව‘ ද ඔහු සඳහන් කළේය.

සති අන්තයේ වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් හි ඇමරිකානු හමුදාව විසින් කළ වැටලීමකදී අයිසිස් නායකයා මිය ගිය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායක් අල්-බග්දාදි පසුපස යොදවා තිබූ බවද, මෙම මෙහෙයුමේදී ඇමරිකානු ජාතිකයන් කිසිවෙකුත් මරණයට පත් නොවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ISIS සටන්කරුවන් සහ ඔවුන්ගේ සගයන් කිහිප දෙනෙක් මෙහිදී මිය ගොස් තිබේ.

දරුවන් 11 දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා මාරු කළ බවත්, ඔවුන් කිසිවෙක් තුවාළ ලබා නැති බවත් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුම සඳහා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ සහයෝගය ලැබුණු බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ රාජ්‍යයන් ගණනාවක් මගින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ISIS ලොව පුරා මරාගෙන මැරෙන ප්‍රහාරවලින් දහස් ගණනකගේ ජීවිත අහිමි වීමට වගකිව යුතු ත්‍රස්ත සංවිධානයක් සේ සැලකේ.

ශ්‍රී ලංකාවේ 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය ද අයිසිස් ප්‍රහාරයක් සේ සැලකෙන අතර, අබු බකර් අල්-බග්දාදිගේ මරණයෙන් පසු ලංකාවේ පොලිසි හා ත්‍රිවිධ හමුදාවලට දැඩි සෝදිසියෙන් පසුවන ලෙසට මේ වන විට දැනුම් දී තිබේ.

- අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com