Sunday, October 20, 2024
Follow Us
ජනපති උගන්ඩාවේ කම්පාලා නුවරට ළඟාවෙයි

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහි දී එරට ඉඩම් හා නාගරික සංවර්ධන අමාත්‍ය රුත් නන්කැබෙයර්වා (Ruth Nankabeirwa) මහත්මිය ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.