Sunday, October 20, 2024
Follow Us
ජපානයේ මුදල් අමාත්‍යවරයා කථානායකවරයා හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය  සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා කථානායක ගරු මහින්ද යපා අබේවර්ධන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී හමු විය.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukoshi Hideaki) මහතා එක්ව සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රි ලංකාවේ ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් ජපානයේ සහය ලබාදීමට කටයුතු කරන බවත්ය. තවද දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය දක්වන සහයෝගය පිළිබඳව මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කළ අතර ඉදිරියේදීද ජපානයේ සහයෝගය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර ගරු සුසුකි ෂුනිචි  (Suzuki Shunichi) මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු වික්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද හමුවී සාකච්ඡාවක නිරත විය.