Sunday, October 20, 2024
Follow Us
ඈන් කුමරිය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා  ගනී 

නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි එක්සත් රාජධානියේ ඈන් කුමරිය ඊයේ (11) ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තාය.

වැඩබලන දියවඩන නිලමේ මහින්ද දෑල මහතා පිච්ච මල් වට්ටියක් ලබා දෙමින් ඈන් කුමරිය පිළිගන්නා ලදි. කුමරිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදී සිය නිල සංචාරය සනිටුහන් කරමින් සමරු පොතේ සටහන් ද තැබීය.

මෙම වර්ෂයේදී රාජකීය අමුත්තෙකු ශ්‍රී දළදා මාලිගාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ඒ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් විය.