Sunday, October 20, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය  අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර හමුවක් ඊයේ (10)  පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් දැනටමත් ඊජිප්තුවේ සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් සිදු කර ඇති අතර මෙම හමුවේ අරමුණ වූයේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සහ එම ආයෝජකයින්ගේ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට ඇති ශක්‍යතා පිළිබඳව සොයාබැලීම යි.

වෙළඳාම, ආයෝජන සහ අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුව සඳහා ද ඇති අවස්ථාවන් පුළුල් කර ගැනීමට මෙහි දී සාකච්ඡා කෙරුණු අතර  දෙරටේ ආර්ථික වර්ධනය තුළින්  දෙපාර්ශවයටම සමාන ප්‍රතිලාභ හිමිවන ලෙස කටයුතු කිරීමට ද එකඟතාවය පල කෙරිණි.

ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල්වරිය ද මෙම සංවාදයට එක් විය.