Monday, October 21, 2024
Follow Us
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයන් විදුලිබල හා බලශක්ති ඇමැති හමුවෙයි
JICA, දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ශ්රී ලංකා ප්රධාන නියෝජිත සහ ශ්රී ලංකා කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් ඊයේ(05) විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජයිකා ආයතනය මගින් ක්රියාත්මක කරන ලද බලශක්ති මූල්යකරණ ව්යාපෘති, ලංවිම ප්රතිසංස්කරණ, JICA මගින් අරමුදල් සපයන ප්රතිසංස්කරණ ලේකම් කාර්යාලය, නිවැරදි කාලගුණ දත්ත සහ අනාවැකි සහ අනෙකුත් බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන් පිළිබඳව මෙහි දී විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡා කර තිබේ.

ලංවිම ප්රතිසංස්කරණ සහ බලශක්ති කාර්යක්ෂමතාව සඳහා මෙතෙක් ලබා දී ඇති මූල්ය හා තාක්ෂණික සහය වෙනුවෙන් අමාත්යවරයා JICA වෙත ස්තුතිය පුද කළ අතර ලංවිම ප්රතිසංස්කරණ, බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන්, නව ව්යාපෘති හරහා බලශක්ති ව්යුහගත කිරීම, ඇගයීම සහ ප්රසම්පාදනය සඳහා තාක්ෂණික සහාය, සම්ප්රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය, පොම්ප ගබඩා කිරීම සහ හඳුනාගත් අනෙකුත් ව්යාපෘති සඳහා ආධාර වෙනුවෙන් තවදුරටත් සහාය ඉල්ලා ඇත..