Monday, October 21, 2024
Follow Us
ISIS නියෝජිතයින් 08ක් ඉන්දියාවේදී අල්ලයි

ත්‍රස්තවාදී ක්‍රියා කිහිපයකට සූදානම් වෙමින් සිටි ISIS සංවිධානයට සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයින් 08 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ස්ථාන 19ක සිදුකළ වැටලීම් වලදී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම වැටලීම්වලදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය තැනීමට යොදාගන්නා ගෙන්දගම්, පොටෑසියම් නයිට්‍රේට්, අඟුරු, සීනි, එතනෝල් වැනි ද්‍රව්‍ය මෙන්ම තියුණු ආයුධ, මුදල්, ලිපිලේඛන, ස්මාර්ට්ෆෝන් ඇතුළු ඩිජිටල් උපකරණද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.

එසේම ඉන්දීය රුපියල් ලක්ෂ 7.3 ක මුදල් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් ISIS නියෝජිතයින් අට දෙනා ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියා සහ තහනම් සංවිධානයක් වන ISIS හි ක්‍රියාකාරකම් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වූහ. ඔවුන් මිනාස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ බව විමර්ශන ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.

-Dinamina