Monday, October 21, 2024
Follow Us
කේරළයේ නව කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය. JN.1 ලෙස නම් කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය පසුගිය සෙනසුරාදා පළමුවරට ප්‍රකාශයට පත් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ මීට පෙර කොවිඩ් ආසාදනයට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකගෙන් බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට එම ප්‍රාන්තයේ JN.1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1,324 දෙනකු හඳුනාගෙන ඇතැයිද, පසුගිය දින දෙක ඇතුළත කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇතැයිද ප්‍රාන්ත මාධ්‍ය සඳහන් කර ඇත. මේ මරණ වාර්තා වීමත් සමඟ කේරළ ප්‍රාන්තයේ පනූර් සහ කන්නූර් දිස්ත්‍රික්ක තුළ කොවිඩ් නීතිරෙගුලාසි පනවා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය 8 දා තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂණයකින් අදාළ කාන්තාවට JN.1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව ප්‍රාන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රජිව් බහ්ල් ප්‍රකාශ කර තිබේ. නව කොවිඩ් ප්‍රභේදය මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හඳුනාගත් ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ.

Dinamina