Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට ජාත්‍යන්තර ප්‍රසාදය

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Mr. Christian Skoog) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී  UNICEF නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා විසින් එම සංවිධානය  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව  ක්‍රියාත්මක  කරන හා  ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත  වැඩසටහන්, ව්‍යාපෘති පිලිබදව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාව  දැනුවත් කිරීමට පියවර ගැනිණි .

මෙරට ළමා පෝෂණ මට්ටම තව තවත් ඉහළ නැංවීම සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සමීක්ෂණයක් මෙන්ම පර්යේෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති  බවත්,  එම ව්‍යාපෘතිය නිමාවු පසු ඊට අදාලව සකස් කරන වාර්ථාව සෞඛ්‍ය ලේකම්වරයාට ලබාදීමටත් එතුමාගේ  උපදෙස් හා මගපෙන්වීමද ලබා ගනිමින් එම අනාගත වැඩසටහන ක්‍රියාත්මක  කිරීමට පියවර ගන්නා  බව ක්‍රිස්ටියන් ස්කූග් මහතා  ප්‍රකාශ කර සිටියේය .

එමෙන්ම මෙරට එන්නත් ක්‍රියාවලිය අතීතයේ සිටම විධිමත්ව මනා ලෙස සංවිධානාත්මක  අයුරින් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා  එය තවත් ප්‍රවර්ධන කිරීම සදහා  යෝජනා මාලාවක්ද කඩිනමින්  ලබා දීමටද, මුල් ළමා විය සංවර්ධනය කිරීම සදහා කාන්තා හා ළමා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා ඊට අදාල අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව  නැවුම් විධිමත් වැඩ පිලිවෙලක්  සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය.

ශ්‍රී ලංකාව තුල  ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්ව තිබෙන බවද, මෙරට සෞඛ්‍ය දර්ශක වලින් ඒ බව මනා ලෙස පිළිඹිබු වන බවද,  වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට නායකත්වය ලබාදෙමින්  පවතින ගැටලු මනාලෙස  නිරවුල් කරමින් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක, විධිමත්, කාර්යක්ෂම  සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටීම සතුටට කරුණක් බවද ඒ මහතා අවධාරණය  කර සිටියේය .

මෙරට දරුවන්ගේ හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම සදහා  UNICEF සංවිධානය විසින් සිදු කරගෙන යනු ලබන වැඩපිලිවෙල මෙන්ම එම සංවිධානයේ මුල්‍යාධාර මත  මෙරට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති ඇගයීමකට ලක් කල සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉදිරියටත් එම සහය මෙරටට අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙරට  ජනතාව වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ  වසර ගණනාවක  සිට ලබා දෙන දායකත්වය ද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී  සිහිපත් කලේය.

මෙම සාකච්ජාමය අවස්ථාවට UNICEF සංවිධානයේ මෙරට සෞඛ්‍ය හා පෝෂණ කළමණාකරු Dr.Abner Daniel, එහි සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා  රොවෙල් යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.