Monday, October 21, 2024
Follow Us
ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගන දෙකක් සංවර්ධනයට මැලේසියාවේදී  ගිවිසුම් අත්සන් කෙරේ

අබලන් තත්ත්වයට පත්ව ඇති කොළඹ රීඩ් මාවතේ ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගනය සහ මාතලේ නන්දිමිත්‍ර  ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගන සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ආසියානු හොකී සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මැලේසියාවේ ක්වලාලම්පුර්හිදී  අද (16) සිදු කෙරිණ.

  රුපියල් කෝටි 11ක් වැය වෙන මෙම ක්‍රීඩාංගන සංවර්ධනය  කිරීමේ කටයුතු  ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මැදිහත්වීම් මත සිදුකෙරේ.

 මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රිඩා අධ්‍යක්ෂ  ජනරාල්  ශමල් ප්‍රනාන්දු , මාතලේ හොකි සංගමය ලේකම් හා  ව්‍යාපති අධ්‍යක්ෂ දයාන් දිසානායක,  මාතලේ   හොකී සංගමයේ උප සභාපති මොරාඩ් උමර්ඩීන් එක් වූ අතර  ජාත්‍යන්තර  හොකී සම්මේලනයේ සභාපති තයාබ  ඉක්‍රමි    (Tayyab Ikram) ආසියානු හොකී  සම්මේලනයේ සභාපති උගුරා  ආසියානු හොකී සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන් සහභාගි වී සිටියහ.

 එසේම  හොකී ක්‍රීඩාවට කරන මෙහෙය වෙනුවෙන් ජාත්‍යන්තර හොකී සම්මේලනය විසින් රාජ්‍ය  අමාත්‍යවරයාට  සම්මානයක් පිරිනමමින් ඇගයීමකටද ලක් කරන ලදී.