Monday, October 21, 2024
Follow Us
බන්ධනාගාරගත වූ ඉම්රාන් ඛාන් 28දා අධිකරණයට

සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා ලබන 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය අගෝස්තු මාසයේදී සිරගත කරනු ලැබූ පාකිස්තානයේ හිටපු අගමැතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

රාජ්‍ය රහස් පනත යටතේ ඉස්ලාමාබාද් නුවර පිහිටුවන ලද විශේෂ අධිකරණය ඊයේ එම නියෝගය නිකුත් කර ඇති අතර, ඉම්රාන් සමඟ සිරගත වී සිටින හිටපු විදේශ ඇමති ෂා මහමූද් කුරේෂී ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉම්රාන් ඛාන් සිරගත කරනු ලැබුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී විදේශ රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට නීති විරෝධී අයුරින් අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම පිළිබඳ පැවැති නඩු විභාගයකින් වරදකරු වීම හේතුවෙනි.

-Dinamina