Monday, October 21, 2024
Follow Us
රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක්

රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති MUSABYIMANA Jean Claude මහතා  සහ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතර සාකච්ඡාවක් රුවන්ඩාවේ පළාත් පාලන අමාත්‍යංශයේ දී පැවැත්විය.

රුවන්ඩා ජනරජයේ පැවැත්වෙන 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවේ සාර්ථකත්වය සඳහා  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  සුබපැතුම් පණිවිඩය  ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා  විසින් රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති MUSABYIMANA Jean Claude මහතා වෙත භාර දෙන ලදී.

නොවැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හිදි පැවති මෙම සමුළුවේදී, ගෝලීය ආර්ථික අර්බුදය, දේශගුණික විපර්යාස හා කොවිඩ්-19 වසංගතය ඇතුළු ඍණාත්මක බලපෑම්වලට පළාත් පාලන ආයතන මුහුණ දෙන්නේ කෙසේද, ඉදිරියේදී එවන් අවස්ථා වලට සූදානම් වෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා වේ.