Monday, October 21, 2024
Follow Us
‘10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව- 2023’ 

"පළාත් පාලන ආයතනවලට වඩා හොදින් ඔරොත්තු දිමේ හැකියාව ගොඩ නැගිම" තේමාව යටතේ 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව ඊයේ (14)  රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හි දී ආරම්භ කෙරිණි.

 

රුවන්ඩාවේ අග්‍රාමාත්‍ය Ngirente Edouard මහතාගේ  ප්‍රධානත්වයෙන් හා රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා සහභාගී විය.

මෙම සමුළුවේදී ගෝලීය ආර්ථික අර්බුදය, දේශගුණික විපර්යාස හා කොවිඩ්-19 වසංගතය වැනි  ඍණාත්මක බලපෑම් වලදී පළාත් පාලන ආයතන මුහුණ දෙන්නේ කෙසේද? සහ  ඉදිරියේදී එවන් අවස්ථා වලට සූදානම් වෙන්නේ කෙසේද?  යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙයට සහභාගී වූ ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා  "නගර මුල්‍ය තුළින් මහජන සහභාගිත්වය හරහා සුහුරු සහ මානව නගර නිර්මාණය කිරිම" (Smart and Human City is making through the Public Participation in the City Finance) යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් ඉදිරිපත් කිරිමට නියමිතය.

 මෙම සමුළුවේදී ගන්නා වූ  නිර්දේශ 2024 පොදුරාජ්‍ය මණ්ඩලිය ප්‍රධානින්ගේ රැස්විම (CHOGM) වෙත ඉදිරිපත් කිරිමට ද නියමිතය. 

10 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නොවැම්බර් 14 සිට 17  දක්වා පැවැත්වේ.