Monday, October 21, 2024
Follow Us
ප්‍රංශ සංචාරක නියෝජිත පිරිසක් සංචාරක ඇමැති හමුවෙයි

ප්‍රංශ සංචාරක නියෝජිතයන් 40 ක පමණ පිරිසක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවිය.

ඒ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල්  කළමනාකරණ ආයතනයේ දී ය.

ප්‍රංශ තානාපති Jean-François Pactet මහතා මෙන්ම චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුලු එම කාර්ය මණ්ඩලය මෙහි දී සුහද හමුවකට සහ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් විය.

ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සම්බන්ධවත් එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ප්‍රංශ සංචාරක නියෝජිතයින් පිරිස මෙහි දී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව අතිශය සතුටු වන අතර එළඹෙන වසරේ දී දහස් සංඛ්‍යාත ප්‍රංශ සංචාරකයින් මෙරටට රැගෙන ඒමට අපේක්ෂා කරන බවයි.