Monday, October 21, 2024
Follow Us

ජීමේල් (Gmail) ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේ දී අක්‍රීය කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබේ.

නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින ජීමේල් ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙන අතර ජීමේල් ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුකරනු ලබයි.

මේ හේතුවෙන් ජීමේල් ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඒ සඳහා පූරණය වීමයි.

කෙසේ වෙතත්, මෑතක දී ගූගල් ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවේ.

 

-Aruna