Monday, October 21, 2024
Follow Us
ආරක්‍ෂක ලේකම් දකුණු අප්‍රිකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk මහතා ඊයේ(10) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


ජෙනරල් ගුණරත්න විසින් දකුණු අප්‍රිකානු නියෝජිතයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන් සාකච්ඡාවක නිරත විය .
අවබෝධතා ගිවිසුම මගින් දෙරට අතර, අනොන්‍ය විශ්වාසය වර්ධනය කිරීම, ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීම මගින් දෙරට අතර සබඳතාව වැඩිදියුණු කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විතානආරච්චි මහතා එක්ව සිටියහ.