Monday, October 21, 2024
Follow Us
මළ සිරුරු සෙවීමට ඊශ්‍රායලයට උදවු කරන කුරුල්ලන්

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ දී මිය ගිය අයගේ මළ සිරුරු සෙවීමට පක්‍ෂීන් යොදා ගන්නා බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය එල්ල කළ ස්ථානවල මළ සිරුරු සොයා ගැනීමට ඊශ්‍රායල හමුදාවට උදව් කිරීම සදහා පරිසරවේදියෙකු කුරුල්ලන් භාවිතා කර ඇත.

ඒ අනුව ඊශ්‍රායලයේ ස්වභාවධර්ම හා උද්‍යාන අධිකාරියේ පරිසරවේදියෙක්වන ඕහඩ් හැට්සෝෆ් විසින් GPS ලුහුබැඳීමේ උපකරණ පක්‍ෂීන්ට සම්බන්ධ කර ඒවා භාවිතයෙන් පක්ෂීන්ගේ සංක්‍රමණ රටා නිරීක්ෂණය කර මෙම සිරුරු සෙවීම සිදු කරයි.

ඒ අනුව මෙම ක්‍රමවේදය අනුව ලැබෙන දත්ත අනුව මළ සිරුරු හතරක් සොයා ගැනීමට සමත්ව තිබේ.

තවත් කුරුල්ලෙකු තවත් මළසිරුරු සහිත ස්ථාන කිහිපයක් සොයා ගෙන ඇත.

රාජාලීන්, ගිජුලිහිණියන් වැනි පක්‍ෂීන් මේ සඳහා යොදා ගැනේ.

ඒ අනුව මෙම පක්‍ෂීන්ගෙන් ලබනා ගන්නා දත්ත මළ සිරුරු සොයා ගැනීම සදහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමඟ බෙදා ගන්නා බව සදහන්ය.

 

Dinamina