Tuesday, October 22, 2024
Follow Us
ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 10,000ක් මියයයි

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල ජනපද ඉලක්ක කර සිදුකළ ප්‍රහාර හේතුවෙන් 1,400ක් පමණ මරණයට පත්වී ඇති බවයි.

එසේම එම ජනපද වල සිටි 240ක් පමණ දෙනා මේ වන විට ගාසා තීරය තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස සඟවා සිටින බව සඳහන් ය.

ඊශ්‍රායලය පවසන්නේ ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරන තුරු ප්‍රහාර නතර නොකරන බවයි.

-Aruna