Tuesday, October 22, 2024
Follow Us
 ආසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.

ඒ අනුව, මිටර් 400 පිරිමි ධාවන ඉසව්ව තත්පර 50.32 ක් ලෙස නිමා කරමින්, එහි ලෝකඩ පදක්කම දිනාගැනීම මඟින් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදීමටත් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය.

තවද, නාවික හමුදාව මඟින් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම සහ ඔවුන් හට විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම වෙනුවෙන් නාවික හමුදාව තුල සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මව්බිම වෙත පදක්කම් දිනාදීමට හැකියාව ලැබී ඇත.