Tuesday, October 22, 2024
Follow Us
Boat & Marine Show Sri Lanka 2023

දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්‍ර වූ Boat & Marine Show Sri Lanka 2023  ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඔක්තෝබර් 27 කොළඔ වරාය නගරයේ මරීනා හි දී ආරම්භ වුණා.

 

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ද සහභාගීත්වයෙන්.

27, 28 හා 29 යන තෙදින පුරා පැවැති මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 8 වන වරටයි.

ශ්‍රී ලංකාවේ නැගී එන ආයෝජන කලාපය වන වරාය නගර පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශනය පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

බෝට්ටු හා සමුද්‍ර ප්‍රදර්ශනය සමුද්‍ර නිෂ්පාදන හා සේවා පිළිබඳ ප්‍රදර්ශනයක් පමණක්ම නොවන අතර එම ක්ෂේත්‍රයේ වෙළඳාම හා ආයෝජනය සඳහා අවස්ථාව උදා කරන ප්‍රධානතම වේදිකාවක්. 

ශ්‍රී ලංකාවේ විශාලම බෝට්ටු හා සමුද්‍ර ප්‍රදර්ශනය වූ මෙය විනෝදාත්මක බෝට්ටු හා බෝට්ටු නිෂ්පාදනය, යාත්‍රා නිෂ්පාදනය, සමුද්‍ර සංචාරක කර්මාන්තය, බෝට්ටු අපනයනය හා බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා අරමුණු කරගනිමින් සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා සමුද්‍රීය වෙළඳ මණ්ඩලය විසින් කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ධිවර වරාය සංස්ථාව සමඟ එක්ව මෙවර ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර ප්‍රදර්ශනයට බෝට්ටු හා සමුද්‍රීය නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන ආයතන 54 ක් හා ඔවුන්ගේ ප්‍රදර්ශන කුටි හා විවිධාංග 79 ක් එක් කර තිබීම විශේෂත්වයක්. 

විදේශීය ආයෝජකයින් හා ගැණුම්කරුවන් ඉලක්ක කරගනිමින් සංවිධාන කර තිබූ මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින, දකුණු කොරියාව, බෙල්ජියම, මැද පෙරදිග, ජර්මනිය, ඕලන්දය, සීෂෙල්ස් යන රටවල ගැණුම්කරුවන් හා කර්මාන්තකරුවන් සහභාගි වුණා.