Tuesday, October 22, 2024
Follow Us
ලන්දේසියෝ පරදා ලක්නව් පිටියේ සිංහයෝ ජය පැන් බොති

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වුණි. 

එම තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263කි.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් රැසක් කළේය.

පැතුම් නිස්සංක ලකුණු 54ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 44ක් ලබාගත්තේය.

Aruna