Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්වීපාර්ශවීය වෙළෙඳ හමුවක්

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින වෙළෙඳ හා ආයෝජන සබඳතා තව දුරටත් පුළුල් කිරීම හා  ද්වී පාර්ශවීය  වෙළෙඳාමේදී දෙරාජ්‍යයන් මුහුණපාන ගැටලු අවම කරගැනීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ 5 වන අදියර පසුගියදා (12 )  ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී රාජ්‍යයන් දෙකට වෙළෙඳාම ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර 10ක් වන විදේශ ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂි නිෂ්පාදන හා මත්ස්‍ය අංශය, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය, මූල්‍යමය සහයෝගීතාව, ඇසුරුම්කරණය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන සහයෝගීතා වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක්  ද සිදු කෙරිණී.

වැඩි විභවතාවයකින් යුතු නව අපනයනයන් ගවේෂණය කිරීමටත්, අධ්‍යාපන ගමන්, බෞද්ධ සංස්කෘතිකාංග ඇතුළත් සංචාරයන්, සයිබර් ආරක්ෂාව ඇතුළු නව තාක්ෂණික ක්ෂේත්‍රයන් ආශ්‍රිතව දෙරට අතර ද්වීපාර්ශ්වීය සබඳතා තවත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද, අන්තර්ජාතික වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වීමට ඇති නව අවස්ථාවන්, ව්‍යාපාරික කටයුතු පහසුකරණයට ගත හැකි ඵලදායී ක්‍රියාමාර්ග හා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.