Tuesday, October 22, 2024
Follow Us
ඉන්දියාවේ කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඉන්දියාවේ, කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Basil Mwambingu Mwakale ඊයේ (17) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

කර්නල් Basil Mwambingu Mwakale, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ කෙන්යානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ කෙන්යානු ආරක්‍ෂක උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.