Tuesday, October 22, 2024
Follow Us
උතුරු ගාසා තීර­යෙන් ඉව­ත්ව­න්නැයි පල­ස්තී­නයේ ලක්ෂ 11ක ජන­තා­වට ඊශ්‍රා­ය­ල­යෙන් නියෝග

ගාසා තීරයේ උතුරු පළාතේ පදිංචිවී සිටින මිලියන 1.1ක පලස්තීන ජනතාවට පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හමාස් සංවිධානයට එරෙහිව අනපේක්ෂිත භූමි ආක්‍රමණයකට පෙර ජනතාව ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් බවත්, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එවැනි නියෝගයක් නිකුත් වී ඇත්තේ ඉතිහාසයේ පළමුවතාවට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතර ඊශ්‍රායල හමුදාවේ නියෝගය නොතකා තමා සමඟ රැඳී සිටින ලෙස හමාස් සංවිධානය පලස්තීන ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවෙසින් බැහැර නොගොස් සිය නිවාසවලම රැඳී සිටින ලෙස හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන ජනතාවට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවත් මේ වන විට මෝටර් රථ, ලොරි රථ ඇතුළු සියලු ප්‍රවාහන ක්‍රමවේද භාවිත කරමින් පලස්තීන ජනතාව උතුරු ගාසා තීරයෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.