Tuesday, October 22, 2024
Follow Us
අලුත උපන් නිවුන් පැන්ඩා බබාලගේ නම් එළිදක්වයි

දකුණු කොරියානු සත්වෝද්‍යානයක අලුත උපන් යෝධ නිවුන් පැන්ඩා පැටවුන්ගේ නම් ප්‍රථමවරට එළි දක්වා තිබේ.

මෙය සිදුකර ඇත්තේ එම සත්වෝද්‍යානයේ 100වැනි සංවත්සරය මුල්කොට ගෙනයි.

මොවුන්ට චීන භාෂාවෙන් නම් තබා ඇති අතර, පළමුවැන්නා චීන භාෂාවෙන් Rui Bao හෙවත් "ප්‍රඥාවන්ත නිධානය" ලෙසත් දෙවන පැටවා Hui Bao හෙවත් "දිදුලන නිධානය" යන අරුතෙන් මොවුන් නම් කර තිබේ.

මේ අතර සමාජ මාධ්‍ය නාලිකා වෙතින් පොදු නම් කිරීමේ උත්සවයක් හරහා මෙම නම් තෝරාගෙන ඇති අතර, නාම යෝජනා 40,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කළ බව එම සත්වෝද්‍යානය සඳහන් කරයි.

කෙසේ වෙතත්, 1950 සිට චීනයේ තම කළු සහ සුදු තානාපතිවරුන් විදේශයන්හි යවා ඇත්තේ 'පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වය' ලෙස හඳුන්වනු ලබන සාමයේ සලකුණක් ලෙසයි.

Aruna