Tuesday, October 22, 2024
Follow Us
මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් කෙරේ

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abdul Kadir මහතා  හා අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් අද (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. 

එහිදී දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍රවල අපගේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව අවධානයට ලක්ව ඇත.

2023 ඔක්තෝබර් මස 11 වන දින කොළඹදී පැවැත්වෙන 23 වන IORA අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සදහා මැලේසියානු විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ සිටී.