Tuesday, October 22, 2024
Follow Us
කෘෂිකර්ම ඇමැති මෙරට කොරියානු තානාපතිනියගෙන් කළ ඉල්ලීම

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරින් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබාදීමේ වැඩපිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියානු තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය.

මෙරට දකුණු කොරියානු තානාපති H.E. Miyon Lee මහත්මිය  පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව සාකච්ඡා කළේය.

විශේෂයෙන් වී අස්වනු ඉහළ නැංවීම,  රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය, ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් උසස් බීජ නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම හා  දකුණු කොරියාව හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ නිලධාරින් සඳහා පුහුණු කිරීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළේය.

KOICA  හෙවත් කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය යටතේ මින් වසර කිහිපයකට පෙර  උසස් කෘෂිකාර්මික පුහුණුවක් අප රටේ නිලධාරින් හා විද්‍යාඥයින්ට ලබා දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා දැනට අත්හිටුවා ඇති එම වැඩසටහන යළි ඇරඹීමට සහයෝගය ලබා දෙන්නැයි තානාපතිවරියගෙන් ඉල්ලීමක් කළේය.

ඊට සුබවාදී ප්‍රතිචාර පළ කළ තානාපතිවරිය කොරියානු රජයට එම ඉල්ලීම යොමු කරන බව සඳහන් කළාය.