Tuesday, October 22, 2024
Follow Us
ඉරානයේ නාර්ගිස්ට නොබෙල් සාම ත්‍යාගය

සිරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නාර්ගිස් මොහොමඩ් මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන බව නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරන ජූරි සභාව නිවේදනය කර තිබේ. 51 හැවිරිදි නාර්ගිස් ඉරානයේ කාන්තා නිදහස වෙනුවෙන් අරගලයක නිරතවීම වෙනුවෙන් මේ ගෞරවයට පාත්‍ර වූ බව ජූරි සභාව වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

දැනට වසර 31ක් පුරා ඉරානයේ සිර දඬුවම් විඳිමින් සිටින අතර, ඇය එරට කාන්තා නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ උදාර කාන්තාවක් බව ද එම නිවේදනයේ සඳහන් වේ. කාන්තා නිදහස වෙනුවෙන් සටන් කළ නාර්ගිස් අවස්ථා 13කදි ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, අවස්ථා 5කදි වැරැදිකාරිනිය කර ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය කස පහර 154කට ලක්වී ඇතැයි ද සඳහන් වේ. පසුගිය වසරේදී ඇය බන්ධනාගාරයේ සිට බීබීසී පුවත් සේවයට ඉරානයේ සිදුවන කාන්තා හිංසනය සම්බන්ධව දීර්ඝ වාර්තාවක් යොමු කර තිබූ අතර, එහි සඳහන් වූයේ කාන්තා නිදහස වෙනුවෙන් විරෝධතා රැලිවලට සහභාගි වීමෙන් අත්අඩංගුවට පත්වූ බොහෝ කාන්තාවන් ලිංගිකව හා ශාරිරීකව අපයෝජනයට ලක්වෙමින් සිටින බවය.

වසර1896 දී මෙලොවින් සමුගත් කීර්තිමත් නව නිපැයුම්කරු ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කරමින් වාර්ෂිකව සිදු කෙරෙන මේ ත්‍යාග ප්‍රදානයේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලබන 9 වැනිදා නිවේදනය කරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ. ලබන දෙසැම්බර් මස 10 වැනිදාට යෙදී ඇති නොබෙල්ගේ අනුස්මරණ දිනයේදී පැවැත්වේ.

ත්‍යාගලාභීන්ට එදින නොබෙල් ත්‍යාගය සමඟ සහතිකයක්, රන් පදක්කමක් සහ ඩොලර් මිලියනයක් බැගින් චෙක්පත් ද පිරිනැමිමට නියමිතය.

-Dinamina