Tuesday, October 22, 2024
Follow Us
බයිඩ්න්ගේ පවුලේ සුරතලා ධවල මන්දිරයෙන් පිටමං කරයි

දිිගින් දිගටම ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීන්ට තර්ජනයක් වූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ සුරතලා කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයෙන් පිටමං කර තිබේ.  

මෙලෙස කමාන්ඩර් ධවල මන්දිරයෙන් පිටමං කිරීමට තීරණය කර ඇත්තේ, මීට සති කිහිපයකට ඉහතදී කමාන්ඩර් ධවල මන්දිරයේ තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කාෑමත් සමගයි.  

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ධවල මන්දිර සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බවයි. 

ඒ් අනුව කමාන්ඩර් තවදුරටත් ධවල මන්දිරයේ රැඳී නොසිටිනු ඇති බව සඳහන් ය. 

කෙසේ වෙතත්  කමාන්ඩර් දැන් සිටින ස්ථානය පිළිබඳව ද කරුණු ප්‍රකාශ වී නොමැත. 

ඒය වාර්තා වූයේ, ධවල මන්දිරයේදී සහ බයිඩ්න්ගේ නිවසේදී කමාන්ඩර් මෙලෙස ආරක්ෂකයින් සපා කෑ 11 වන අවස්ථාව ලෙසයි. 

බයිඩ්න් පවුලේ ජර්මන් ෂෙෆර්ඩ් සුනඛයින් දෙදෙනා අතුරින් බාලයා වන කමාන්ඩර් ඩෙලවෙයාර් පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී ද ආරක්ෂකයින් සපා කා තිබිණ.  

ඇතැම් ආරක්ෂකයින් ජනපති ජෝ බයිඩ්න් ඉදිරියේදී ම සපා කා තිබීම ද විශේෂත්වයකි.  

බයිඩ්න්ට සිය සහෝදරයාගෙන් තෑග්ගක් ලෙස ලැබුණු කමාන්ඩර් ධවල මන්දිරයට රැගෙන විත් ඇත්තේ, 2021 වසරේදී ය.  

මේ අතර බයිඩ්න්ගේ තවත් සුනඛයෙකු වූ Major ද රහස් ඔත්තු සේවකයින් කිහිප දෙනෙකු සපා කා තිබිණ. 

ධවල මන්දරයෙන් පිටමං කළ Major දැන් ජීවත් වන්නේ, බයිඩ්න්ගේ පවුලේ ඥාතියෙකුගේ නිවසේයි.

-Aruna