Tuesday, October 22, 2024
Follow Us
ජනපති සහ ජර්මනියේ ෆෙඩ්‍රික් - ඊබට්-ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මනියේ ෆෙඩ්‍රික් - ඊබට්-ස්ටිෆ්ටුන්ග් (Friedrich Ebert Stiftung) හි සභාපති මාර්ටින් ශුල්ස් මහතා (Martin Schulz) අතර හමුවක් පසුගියදා බර්ලින් නුවරදී සිදු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.