Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකා - පාකිස්ථාන උරුමයන් ප්‍රවර්ධනයට සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හෂ්මි මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් ඊයේ (25) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

සමීප සහෝදර රාජ්‍යයන් දෙකක් ලෙස සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ගොඩනැඟීම සඳහා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර උරුමයන් සංචාරක ප්‍රවර්ධනයටත්, ගන්ධාර උරුමය සංරක්ෂණය සහ ප්‍රක්ෂේපණය සඳහා සහයෝගීතාව ආදී කරුණු ගණනාවක් පිළිබඳව දෙපාර්ශවය දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි.