Tuesday, October 22, 2024
Follow Us
චීන ජනපති හා දකුණු කොරියානු අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck-soo මහතා හමුවෙයි. එම හමුව චීනයේ Hangzhou නුවර දී සිදුවිය.

දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටී.

චීනය සහ දකුණු කොරියාව වෙන් කළ නොහැකි අසල්වැසියන් සහ හවුල්කරුවන් වන බවත්, ස්ථාවර හා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා දෙරට ජනතාවගේ පොදු අවශ්‍යතාවන්ට අනුකූල වන බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එම සබඳතාව කලාපීය සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද ප්‍රයෝජනවත් වේ. දෙරට අතර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ අඛණ්ඩ සංවර්ධනය උදෙසා දකුණු කොරියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චීනය සමඟ එක්ව විධිමත් දකුණු කොරියානු-චීන සබඳතාවක් උදෙසා කටයුතු කිරීමට දකුණු කොරියාව සූදානම් බව Han Duck-soo මහතා එම හමුවේ දී පැවසීය. ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික හුවමාරු තහවුරු කොට බහුපාර්ශ්වවාදය සහ නිදහස් වෙළඳාම අනුගමනය කරමින් ගෝලීය ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.